(+94) 714395842
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • Register
  • Login
HETTIYAWALA EAST M.V
HETTIYAWALA EAST M.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 1926 වර්ෂයේ හෙට්ටියාවල ආණ්ඩුවේ ඉස්කෝලය නමින් මාතර දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවේ හෙට්ටියාවල ගමේ වර්තමාන කටු ඉඹුල අසල පාසල ආරම්භ කළත් එය අසාර්ථක විය. ඉන් පසු 1927 වර්ෂයේ දී බොරලුකැටිය රජයේ ඉඩමේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කර එම ස්ථානයට ගෙන ගිය මෙම පාසලේ 8 වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කළ අතර හෙට්ටියාවල ගවර්න්මන්ට් ස්කූල් නමින් හැඳින්විය. මෙහි ආරම්භක විදුහල්පති ලෙස ඩී.එන්. අතපත්තු මහතා සේවය කර ඇත.1938 ජනවාරි සිට 1955 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විදුහල්පති ලෙස සේවය කළ එච්.පී. චරිතානන්ද මහතා මෙම විද්‍යාලය ක්‍රමයෙන් සංවර්ධනය කළේය. මෙම කාලය තුළ 60 x 20 ශාලාව අලුතින් ඉදි කරන ලදි. බී.ඩී.එස්. සමරසිංහ මහතා සහ බී.ඩී. රණතුංග මහතා විදුහල්පති ලෙස සේවය කරන ලදි.1958 වර්ෂයේ දී මුල් වරට අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා සිසුන් ඉදිරිපත් කරන ලදි. මේ යුගයේ දී ශිෂ්‍ය වර්ධනයක් වූ අතර පාසල් සංවර්ධන සමිතිය මඟින් බුදු මැදුර හා 20 x 100 ශාලාව ඉදි කළේය. 1970 වර්ෂයේ සිට අ.පො.ස.(සා.පෙළ) සඳහා සිසුන් නොමැති වූ අතර 1974 වර්ෂයේ සිට  අ.පො.ස.(සා.පෙළ) පන්ති නැවත ආරම්භ වී අද දක්වා පවතී.පසු කාලයේ මාර/හෙට්ටියාවල නැගෙනහිර කනිටු විදුහල නමින් හැඳින්වූ මෙම විදුහල 1991.2.25 දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදි. 2000.11.24 දින ප්‍රධාන ශාලාවේ 20 x 20 ප්‍රමාණයේ වේදිකාව සාදන ලදි. 2014.12.14 දින බහුකාර්ය ඒකකය ඉදි කිරීම ආරම්භ කරන ලදි.මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය කිරින්දේ ධම්මානන්ද මහනායක ස්වාමීන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් 30 x 20 ප්‍රමාණයේ පුස්තකාලය 2001.05.19 දින විවෘත කරන ලදි. 2002 වර්ෂයේ දී හරිතාගාර කෘෂි ඒකකය ඇතුළු ක්‍රියාකාරී වැඩ කාමරය ද එක් විය. 2016 වර්ෂයේ එක් ගමකට එක් වැඩක් ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 30 x 25 ගොඩනැගිල්ල ද 2017 වර්ෂයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු වූ අතර 2015 වර්ෂයේ සෞඛ්‍ය ප්‍රවර්ධන රිදී සම්මානය ද 2016, 2017 වර්ෂවල සෞඛ්‍ය ප්‍රවර්ධන රන් සම්මානය ද කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන හොඳම මදුරු මර්දන පාසල තේරීමේ තරඟයෙන් 2017,2018 වර්ෂවල ප්‍රථම ස්ථානය ද ඇතුළු තවත් ජයග්‍රහණ රැසක් විද්‍යාලය ලබමින් සිටී.  2019 වර්ෂය වන විට පාසලේ අබලන්ව පැවති ප්‍රධාන ශාලාවේ කපරාරු ඉවත් කර නැවත කපරාරු කර දැල් ආවරණය කර කැඩුණු බිම කොන්ක්‍රීට් කර නවීන ගොඩනැගිල්ලක් සේ ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රාථමික පංති කාමර සහිත පැරකුම් ගොඩනැගිල්ලේ දිරා ගිය කපරාරු ඉවත් කිරීම, විද්‍යාගාරයේ සිවිලිම සකස් කර අලුත්වැඩියා කිරීම, පුස්තකාලය ටයිල් කර දැල් ආවරණය කිරීම ඇතුළු විද්‍යාලයේ ගොඩනැගිලි සියල්ල තීන්ත ආලේපනය කරන ලදි. මිලියන 2 ක මූල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා ලැබුණි. එසේම රුපියල් මිලියන 1.5 ක වියදමින් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඉදිරිපස දැල් ආවරණය කරන ලදි. එමෙන්ම රුපියල් ලක්ෂ 5 ක මුදල් ප්‍රතිපාදන ඔස්සේ පාසලේ ජල ව්‍යාපෘතිය මඟින් ප්‍රජා ජල සැපයුම ලබා දී ජල ටැංකි ආධාරක කුළුණු කුටියක් ඉදි කර සිසුන්ට ජල පරිභෝජනය කිරීමට අලංකාර ටයිල් කරන ලද කුටි දෙකක් ප්‍රධාන ශාලාව හා පහළ ශාලා මධ්‍යයේ ඉදි කරන ලදි. පාසලේ සීමිත ගොඩනැගිලිවලින් උපරිම ප්‍රයෝජන ලබමින් කටයුතු කරන අප පාසලේ 70 x 20 ගැමුණු ශාලාවේ වහලය ඉතා අබිලි තත්ත්වයක පැවති අතර මුක්කු ගසා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදි. 2021 වර්ෂයේ එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ගැනීමට හැකි විය. එමෙන්ම එම ගොඩනැගිල්ලේ ඉදිරිපස මිදුල ගල් අල්ලා සෞඛ්‍යාරක්ෂිත ව අලංකාර කරන ලදි.  එමෙන්ම පුහුණු අභ්‍යාසලාභීන්ගේ ශ්‍රමය මගින් විද්‍යාලයේ ඉගෙනුම් ක්‍රියාවලියට අදාළ වගු ආදර්ශනය, ආදර්ශ ගී බිත්තිවල ප්‍රදර්ශනය කිරීම ආදී ව්‍යාපෘති රැසක් මගින් පාසල් පරිශ්‍රය ආකර්ශනීය ඉගෙනුම් පරිසරයක් බවට නිර්මාණය කර ගන්නා ලදි.

HETTIYAWALA EAST M.V

මාර/හෙට්ටියාවල නැගෙනහිර මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Hettiyawala, Puhulwella

: (+94)0714395842

: [email protected]

Supported By

© 2026 HETTIYAWALA EAST M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk