දින දින ජයගොස පතුරා - වීර දූ පුතුන් ජනිත දකුණු ලක
නාමෙ සදා සුදිලේ...................//
හෙට්ටියාවල විදුහල් මාතාවෝ - උදුල් අපේ අනගී
සුදිලේවා ලක් අඹරේ නිසි සේ
සිප් සැටියෙන් බැබලේ....................//
දින දින ...................//
මනහර කඳු වැටි හා කෙත් වතු ඇති - රම්‍ය වු මේ පෙදෙසේ
ළමා ළපටි පෙළ මොහඳුර පළවා
යහමඟ දෙන නිසි සේ.........................//
දින දින....................//
ඉඳ ඔබ සෙවනේ සිසු අප තුටිනේ - සිප්සත හදරමිනේ
හොඳ සිසු කැළ වී ගුණදම් රකිමින්
සනසමු අප මෑණී....................//
දින දින....................//